14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 15වැනි රැස්වීම පෞද්ගලික ආර්ථිකයන්හි ප්‍රවර්ධන නීතිය සම්මත කරයි. අද(30) රැස්වීමේදී ඡන්ද විමසීමෙන් සම්මත කරන ලද එම නීතිය ලබන මැයි මස 20වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම නීතිය පරිච්ඡේද 09 කින් සහ වගන්ති 78 කින් සමන්විත වේ. චීනයේ පෞද්ගලික ආර්ථික සංවර්ධනය පිළිබඳ පළමු මූලික නීතිය ලෙස, එම නීතිය පුද්ගලික ආර්ථික සංවර්ධන පරිසරය තවදුරටත් ප්‍රශස්ත කරනු ඇති අතර විවිධ ක්ෂේත්‍රයන් හි ආර්ථික සංවිධාන සඳහා වෙළඳපල තරඟයට සාධාරණ ලෙස සහභාගී විය හැකි බව සහතික කරනු ඇත. ඉහළ මට්ටමේ සමාජවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් ගොඩනැගීමේදී සහ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනයේදී මෙම නීතිය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත.
ඊට අමතරව, “චීන මහජන සමූහාණ්ඩුවේ ග්‍රාමීය සාමූහික ආර්ථික සංවිධාන නීතිය” 2025 මැයි 01 වන දින සිට ක්‍රියාත්මක වේ. මෙම නීතිය ක්‍රියාත්මක කිරීම මගින් චීනයේ ග්‍රාමීය සාමූහික ආර්ථිකයේ සංවර්ධනය වඩාත් සම්පූර්ණ නීතිමය මාවතකට පිවිසීම සනිටුහන් කෙරේ.