27.4 C
Colombo
Monday, October 6, 2025

පොදු ඉරණමක් සහිත චීන-කියුබා ප්‍රජාවක් ගොඩනැගීම වේගවත් කිරීමට චීන-කියුබා ජනාධිපතිවරුන්ගේ එකඟතාව

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම්,  ජනාධිපති Miguel Díaz-Canel Bermúdez මහතා හමුවෙයි. ඒ අද (4) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී ය.

මෙම වසරේ චීනය සහ කියුබාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 65 වන සංවත්සරය සනිටුහන් කෙරෙන බව ෂී ජින් පිං මහතා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය. දෙරට සබඳතාව ඉහළ මට්ටමකට ගෙන යමින් ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දීමට ඔහු අපේකෂාව පළ කර ඇත. දෙර‍‍ට අතර දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් පුළුල් කළ යුතු අතර, ඉහළ මට්ටමේ හුවමාරු ශක්තිමත් කළ යුතු බව ෂී ජින් පිං මහතා පැවසීය. G77 සහ BRICS වැනි රාමු තුළ ද්විපාර්ශ්වික සම්බන්ධීකරණය ප්‍රවර්ධනය කරමින් ගෝලීය සංවර්ධන, ආරක්ෂක, ශිෂ්ටාචාර සහ පාලන මුලපිරුම් හතර ක්‍රියාත්මක කිරීම තුළින් ලෝක සාමය හා සංවර්ධනයට දායක විය යුතු බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කර ඇත.

කියුබාව එකම චීනය මූලධර්මයට දැඩිව අනුගත වන බව Miguel Díaz-Canel Bermúdez මහතා එහිදී පවසා ඇත. විවිධ සහයෝගීතාව ශක්තිමත් කිරීමට කියුබාව කැමැත්තෙන් සිටින අතර, ෂී ජින් පිං  මහතා ඉදිරිපත් කළ ගෝලීය පාලන මුලපිරුමට පූර්ණ සහයෝගය දක්වන බව ඔහු කියා සිටියේය.

දෙපාර්ශ්වයම එම හමුවේදී “පොදු ඉරණමක් සහිත චීන-කියුබා ප්‍රජාවක් ගොඩනැගීම වේගවත් කිරීම පිළිබඳ ‍දෙරටේ ඒකාබද්ධ ප්‍රකාශය” නිකුත් කර ඇත. “එක් තීරයක් එක් මාවතක්” සහයෝගිතාව, දේශීය කෘෂිකර්මාන්තය සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතා ලියවිලි ගණනාවකට එම අවස්ථාවේදී අත්සන් තැබිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here