සම්මත සහ අත්‍යවශ්‍ය පේටන්ට් බලපත්‍ර පිළිබඳ චීන නීතිමය තීන්දුවලට ප්‍රතිචාර වශයෙන් ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ මණ්ඩලයක් පිහිටුවීම සඳහා ඉල්ලීමට යුරෝපා සංගමය ගත් තීරණය සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යශය කණගාටුව පළ කරයි.
එම ඉල්ලීම ලෝක වෙළඳ සංවිධානයේ විසඳුම් පටිපාටියට අනුව චීනය මනාව හසුරුවනු ඇති අතර සිය හිමිකම් හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ක්‍රියා කරනු ඇතැයි ද චීන වාණිජ අමාත්‍යංශයේ ගිවිසුම් හා නීති පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවසීය.චීනය සැමවිටම ලෝක වෙළඳ සංවිධානයේ නීති හා ලබා දී ඇති ප්‍රතිඥාවන් දැඩිව අනුගමනය කරමින් බුද්ධිමය දේපළ හිමිකම් සුරැකුම වෙනුවෙන් ඉහළ වැදගත්කමක් ලබා දෙයි.බුද්ධිමය හිමිකම් නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම චීනය අඛණ්ඩව වර්ධනය කර ඇති අතර ඉන් ලබා ඇති ප්‍රතිඵල සියල්ලටම සාක්ෂියක් යැයි ද එම නිලධාරියා කීය.

