පැනමා ඇළ සම්බන්ධ තම ස්වෛරීභාවය ස්ථිරවම ආරක්ෂා කරන බව පැනමාව පවසයි. පැනමා විදේශ අමාත්‍ය Javier Martínez-Acha මහතා ඊයේ (13) මේ බව සඳහන් කළේය.
ඇමරිකානු මාධ්‍ය වාර්තාවකට අනුව, පැනමා ඇළ “නැවත අත්පත් කර ගැනීමේ” ඉලක්කය සපුරා ගැනීම සඳහා පැනමාවේ ඇමරිකානු හමුදා පැවැත්ම වැඩි කිරීමේ සැලැස්මක් සකස් කරන ලෙසට ධවල මන්දිරය ඇමරිකානු හමුදාවට උපදෙස් දී ඇති බව ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු විසින් හෙළිකර තිබේ.
ඊට ප්‍රතිචාර වශයෙන්, Javier Martínez-Acha මහතා අවධාරණය කළේ, පැනමා ජනතාව ඒ පිළිබඳ කලබල නොවිය යුතු බවත් පැනමා ඇළ තවමත් පැනමාවට අයත් බවත් එය සැමවිටම එලෙසම පවතිනු බවත්ය. ඊට කිසිදු තර්ජනයක් දැනට නොමැති බව ද හෙතෙම පැවසීය.