26.4 C
Colombo
Thursday, August 21, 2025

ප්ලාස්ටික් ද්‍රව්‍ය හේතුවෙන් සිදු වන පරිසර දූෂණය පිළිබඳ අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුවේ පස්වන රැස්වීම අවසන් වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ප්ලාස්ටික් ද්‍රව්‍ය හේතුවෙන් සිදු වන පරිසර දූෂණය පිළිබඳ අන්තර් රාජ්‍ය සාකච්ඡා කමිටුවේ පස්වන රැස්වීම ඊයේ(1) රාත්‍රියේ දකුණු කොරියාවේ Busan නගරයේ දී අවසන් විය. සතියක රැස්වීම් කාලය තුළ, ප්ලාස්ටික් ද්‍රව්‍ය හේතුවෙන් සිදු වන පරිසර දූෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ පාඨය කෙරෙහි ඒ ඒ පාර්ශ්වයන් එකඟතාවකට පැමිණීමට අපොහොසත් වූ අතර, අදාළ සාකච්ඡා අඛණ්ඩව පවතිනු ඇත.

චීන‍ ජෛව පරිසර අමාත්‍යංශයේ ජාත්‍යන්තර සහයෝගීතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Zhou Guomei මහත්මිය එහිදී පෙන්වා දුන්නේ, ප්ලාස්ටික් ද්‍රව්‍යවලින් සිදු වන පරිසර දූෂණය පාලනය කිරීම සඳහා චීනය විශාල වැදගත්කමක් ලබා දෙන බවයි. එසේම චීනය, අත්‍යවශ්‍ය නොවන ඉවත දැමිය හැකි ප්ලාස්ටික් නිෂ්පාදන සඳහා පාලන පියවරයන් අනුගමනය කළ පළමු රටවලින් එකක් බව ද ඇය පැවසුවා ය. මෙම සාකච්ඡා තුළින් ප්ලාස්ටික් නිෂ්පාදන ඔස්සේ සිදු වන පරිසර දූෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු අතර අභිලාෂය හා ශක්තිය මනාව පිළිබිඹු කරමින් සෑම රටකම විවිධ ජාතික තත්ත්වයන් හා හැකියාවන්ට පූර්ණ ලෙස ගරු කළ යුතු ය. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන සැබෑ අභියෝග පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය. මෙවර Busan සාකච්ඡා තුළින් අවසන් එකඟතාවකට පැමිණීමට නොහැකි වුව ද, සාකච්ඡා ඉදිරියට ගෙන යාම සඳහා සියලු පාර්ශ්වයන් සමග ක්‍රියාකාරී සහ නිර්මාණාත්මක කාර්යභාරයක් ඉටු කිරීමටත්, මේ සඳහා ජාත්‍යන්තර වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Zhou Guomei මහත්මිය එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here