27.6 C
Colombo
Monday, August 25, 2025

ප්‍රබල ආර්ථිකයකින් සමන්විත පළාත් රටේ සමස්ත සංවර්ධන ඉලක්ක සපුරාලීමට පෙරමුණ ගෙන කටයුතු කළ යුතුයි – චීන ජනපති

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

‘14 වැනි පස්අවුරුදු සැලැස්මේ’ සංවර්ධන ඉලක්ක මැනවින් සපුරාලීම සඳහා ප්‍රබල ආර්ථිකයකින් සමන්විත පළාත් පෙරමුණ ගෙන කටයුතු කළ යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්ජනාධිපතිමධ්‍යම හමුදා කමිටු සභාපති ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. හෙතෙම අද(05) පස්වරුවේ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසියේ Jiangsu පළාතේ නියෝජිත කණ්ඩායමේ සාකච්ඡාවට එක් වෙමින් මේ බව සඳහන් කළේය.

Jiangsu පළාත සිය වගකීම් හා යුතුකම් ඉටු කිරීමේදී තමාට අනන්‍ය වූ ලක්ෂන මැනවින් හඳුනා ගෙන විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සහ කර්මාන්ත නවෝත්පාදන ඒකාබද්ධ කිරීමට දායක විය යුතුය. එමෙන්ම පූර්ණ ප්‍රතිසංස්කරණය හා ඉහළ මට්ටමේ විවෘතභාවය තහවුරු කිරීමටත් රටේ දැවැන්ත සංවර්ධන ක්‍රියාමාර්ග සපුරාලීමටත් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළ යුතු ය. සමස්ත ජනතාවට සැපවත් ජීවිතයක් පොදුවේ අත්විඳිය හැකි පරිදි ආදර්ශවත් කාර්යභාරයක් ඉටු කරන්නැයි ෂී ජින්පිං මහතා Jiangsu පළාත් නියෝජිතයින්ට  උපදෙස් දී තිබේ.

එසේ ම, විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සහ කර්මාන්ත නවෝත්පාදනයනව ගුණාත්මක ඵලදායීතාව තහවුරු කිරීමේ ප්‍රධාන ක්‍රියාමාර්ගයක් බව ද හෙතෙම පෙන්වා දී ඇත. විද්‍යා හා තාක්ෂණ නවෝත්පාදන සංවර්ධනය සහතික කිරීමට නවීන කර්මාන්ත පද්ධතියක් ගොඩනැංවීමට අවධානය යොමු කරමින් අධ්‍යාපනයවිද්‍යා හා තාක්ෂණයවෘත්තිමය කුසලතා ඒකාබද්ධ ව වැඩිදියුණු කළ යුතු වේ. පූර්ණ හා නිසි අයුරින් නව සංවර්ධන සංකල්ප අනුගමනය කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා Jiangsu පළාතේ ව්‍යාපාරික පරිසරය අඛණ්ඩ ව යහපත් මට්ටමක පවත්වා ගත යුතු බව කියා සිටී. එමගින්ජාත්‍යන්තර සහයෝගිතා වපසරිය පුළුල් කරමින්, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩ නැංවීමට වැඩි දායකත්වයක් ලබා දෙන ලෙසත්, ඉහළ මට්ටමේ සංවර්ධනය තහවුරු කරන ලෙසත් ජනාධිපතිවරයා එහිදී Jiangsu පළාත් නියෝජිතයින්ට උපදෙස් දුන්නේය.

ජනාධිපති ෂී ජින්පිං මහතා Jiangsu පළාතේ 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෙකු වීම ද විශේෂත්වයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here