32.8 C
Colombo
Saturday, April 11, 2026

පලස්තීන ප්‍රශ්නය හුදෙකලා කිරීමට ඉඩ නොදිය යුතු බව චීන නියෝජිතයා පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

පලස්තීන ප්‍රශ්නය හුදෙකලා කිරීමට ඉඩ නොදිය යුතු බව එක්සත් ජානීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ ඊයේ (24) පැවති පලස්තීන-ඊශ්‍රායල ගැටලුව පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමකදීය.

ගාසා සටන් විරාම ගිවිසුම් එකඟතාවේ සිට ඊශ්‍රායලය තවදුරටත් එම ප්‍රදේශයට ප්‍රහාර එල්ල කර ඇති අතර මේ වන විට 600කට වඩා එහි වැසියන් ජීවිතක්ෂයට පත්ව ඇති බව Fu Cong මහතා පෙන්වා දුන්නේය. අදාළ පාර්ශ්ව විශේෂයෙන්ම ඊශ්‍රායලය එම සටන් විරාම ගිවිසුම ස්ථීරව අනුගමනය කරමින් මානුෂීය ආධාර ප්‍රවේශ සීමා වහාම ඉවත් කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

පලස්තීනය රටක් ලෙස ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා “ද්වි-රාජ්‍ය විසඳුම” ක්‍රියාත්මක කිරීම බැහැර නොවන ආකාරයට පියවර ගැනීමට එක්සත් ජාතීන් ක්‍රියා කළ යුතු බව Fu Cong මහතා අවධාරණය කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here