26.4 C
Colombo
Thursday, August 21, 2025

පලස්තීන ජනතාව සමග එකමුතුවෙන් සිටීමේ ජාත්‍යන්තර දිනයට චීන ජනපති ගෙන් සුබ පැතුම්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

එක්සත් ජාතීන්ගේ සංවිධාන‍ය ඊයේ(26) පලස්තීන ජනතාව සමග එකමුතුවෙන් සිටීමේ ජාත්‍යන්තර දිනය සැමරීය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට සුභපැතුම් පණිවුඩයක් පිරිනැමීය.

පලස්තීන ප්‍රශ්නය විසඳීමට සම්පූර්ණයෙන්ම මෙන්ම ඵලදායිකව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණ ක්‍රියාත්මක කිරීම හා කඩිනමින් සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීමඅත්‍යවශ්‍ය ම දේ බව ෂී ජින්පිං මහතා එම පණිවුඩයේ සඳහන් කළේය. දේශපාලන ක්‍රමයෙන් පලස්තීන ප්‍රශ්නයට 1967 වසරේ දේශසීමාව පදනම් කර ගෙන නැගෙනහිර ජෙරුසලම් අගනුවර ලෙස පිහිටුවීම හා සම්පූර්ණ ස්වාධිපත්‍යයක් සහිත පලස්තීන රාජ්‍යය ස්ථාපිත කිරීමමූලික විසඳුමයි. පලස්තීන ජනතාවට සිය ජාතියේ නිත්‍යනුකූල අයිතිවාසිකම් යළි හිමිකර ගැනීමේ සාධාරණ උත්සාහයන්ට හා පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් බවට පත්වීමට චීනය මුල සිට ම දැඩිව අනුබල දෙන බව ෂී ජීන්පිං මහතා කීය. ජගත් ප්‍රජාව සමග පලස්තීන ප්‍රශ්නයට ද්වී රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කිරීමේ නිවැරදි මාවත දෙස‍ට යොමු කරමින් එය පූර්ණසාධාරණ මෙන්ම සදාකාලීන විසඳුමක් බවට පත්කර ගැනීම වෙනුවෙන් චීනය අඛණ්ඩව උත්සාහ දරන බව ද හෙතෙම අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here