30 C
Colombo
Thursday, February 26, 2026

පරිත්‍යාග කළ හදිසි ගංවතුර සහන ද්‍රව්‍යයන්හී පළමු තොගය පාකිස්ථානයට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය පරිත්‍යාග කළ හදිසි ගංවතුර සහන ද්‍රව්‍යයන්හී පළමු තොගය පාකිස්ථානයට ළඟාවෙයි. චීනයේ සහන ගුවන් යානා දෙකකින් රැගෙන ආ එම ද්‍රව්‍යයන්ට කූඩා‍රම් 300ක් සහ පොරෝනා 9000ක් ඇතුළත් බව පාකිස්ථාන ජාතික විපත් කළමණාකරණ අධිකාරිය සඳහන් කරයි. දුෂ්කර අවස්ථාවේ පාකිස්ථානයට චීනය දක්වන සහයෝගය ඉන් පිළිබිඹු වන බව එම අධිකාරිය කියා සිටී.

භාණ්ඩ පරිත්‍යාග කිරීමේ උත්සවය ඇමතූ පාකිස්ථානයේ කාෂ්මීර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා චීනය කඩිනමින් ලබා දුන් මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් චීන රජයට හා ජනතාවට සිය කෘතවේදීත්වය පළ ක‍ළේය. එය ගංවතුරෙන් බලපෑම් එල්ලවූ  පවුල් දහස් ගණනකට විශාල සහනයක් යැයි ද හෙතෙම කීය.

පසුගිය ජූලි මාසයේ සිට පාකිස්ථානය පුරා ඇද හැළුණු අධික වර්ෂාව ‍හේතුවෙන් ගංවතුර හා සෙසු විපත් තත්ත්වයන් වාර්තා විය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here