26.7 C
Colombo
Wednesday, February 25, 2026

නෙදර්ලන්තය Nexperia හා සම්බන්ධ පරිපාලන නියෝගය අත්හිටුවීම චීනය පිළිගනියි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

අර්ධ සන්නායක නිෂ්පාදක Nexperia සමාගම සම්බන්ධයෙන් නෙදර්ලන්ත රජය ගෙන තිබූ පරිපාලන නියෝගය අත්හිටුවීමට එරට ගෙන ඇති පියවර පිළිගන්නා බව චීනය පවසයි.

චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු ඊයේ (19) මේ බව ප්‍රකාශ කරමින් සඳහන් කළේ, නෙදර්ලන්තය ගත් මෙම පියවර අදාළ ගැටලුව නිසි ලෙස විසඳීම සඳහා යොමු විය යුතු නිවැරදි දිශානතිය සඳහා වන පළමු පියවරක් බවය.

Nexperia ගැටලුව සම්බන්ධයෙන් දෙරටේ රාජ්‍ය නිලධාරීන් පසුගිය දෙදින තුළ බෙයිජිංහිදී උපදේශන සාකච්ඡා වට දෙකක් පැවැත්වූ අතර, භාණ්ඩ ලබා ගැනීමේ පනත යටතේ නිකුත් කරන ලද පරිපාලන නියෝගය අත්හිටුවීමට එහිදී නෙදර්ලන්ත පාර්ශ්වය ඉදිරිපත් වූ බව චීන වාණිජ අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here