26.4 C
Colombo
Monday, August 25, 2025

නිදහස් වීසා ප්‍රතිපත්තිය හේතුවෙන් චීනයට පැමිණෙන විදෙස් සංචාරකයන් ඉහළට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනය තුළ ක්‍රියාත්මක නිදහස් වීසා ප්‍රතිපත්තිය හේතුවෙන් චීනයට පැමිණෙන විදෙස් සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යයි. ගෙවුණු වසර කිහිපය තුළ චීනය ක්‍රමානුකූලව සිය විවෘතභාවය වඩාත් පුළුල් කරමින් නිදහස් වීසා වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර තිබේ. ඒ සමග විදේශිකයන්“චීන සංචාරය”කෙරෙහි දක්වන උනන්දුව ඉහළ යමින් පවතී.

ඊට අදාළ සංඛ්‍යා ලේඛන අනුව, 2024 වසරේ විදේශ සංචාරකයන් චීනයට පැමිණි වාර සංඛ්‍යාව මිලියන 26.94කි. එය 2023 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 96%ක වර්ධනයකි. එහිදී 2024 වසර තුළ විදෙස් සංචාරකයන් චීනය තුළ සිදු කළ වියදම් ප්‍රමාණය ද 2023 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 77.8%කින් වර්ධනය විය.

එසේ ම මේ වසරේ පළමු කාර්තුවේ දී විදේශ සංචාරකයන් චීනයට පැමිණි වාර සංඛ්‍යාව මිලියන 9.215ක් බවත්, එය 2024 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 40.2%කින් වර්ධනය වූ බවත්, නවතම සංඛ්‍යා ලේඛනයන් හි සඳහන් වෙයි.

විදෙස් සංචාරකයන් නික්ම යාමට පෙර ඔවුන් චීනයේදී මිළට ගත් භාණ්ඩ වැට් බදුවලින් නිදහස් කරන බව පසුගිය දා චීන රජය ප්‍රකාශ කර තිබේ. මෙම නව ප්‍රතිපත්තිය විදේශිකයන් චීනයට පැමිණීම හා චීනයේදී පරිභෝජනය කිරීම තවදුරටත් දිරිමත් කරනු ඇතැයි විශ්වාස කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here