26.1 C
Colombo
Saturday, August 23, 2025

නව යුග‍යේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වය ගැඹුරු කිරීමට චීනයත් කිර්ගිස්ථානයත් එක්වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Japarov මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ. ඒ අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ය.

මෑත වසරවල දෙර‍ට අතර සබඳතාවන් හි කැපි පෙනෙන සංවර්ධනයක් ලබා ඇති බවත් නව යුග‍යේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වයට පත්ව ඇති බවත් ෂී ජන් පිං මහතා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය. එමෙන්ම ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින්, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ උසස් තත්ත්වයෙන් ඒකාබද්ධව ප්‍රවර්ධනය කළ යුතු බව ද ඔහු කීය.

චීනය විශ්වසනීය මිතුරෙක් මෙන්ම හවුල්කරුවෙක් බවත්, එම සමීප සහයොගීතාවන් හි ප්‍රතිඵලයක් ලෙස විවිධ ක්ෂේත්‍ර හා ප්‍රදේශ අතර පොහොසත් ජයග්‍රහණ අත් කරගෙන ඇති බවත් Sadyr Japarov මහතා එම අවස්ථාවේදී පැවසීය. එමෙන්ම චීනයේ තයිවාන ප්‍රදේශය, ෂින්ජ්‍යං උයිගුර් ස්වායත්තය සහ හොංකොං විශේෂ පරිපාලන කලාපය සම්බන්ධ කරුණුවලදී කිර්ගිස්ථානය ස්ථීරවම චීනයට සහාය දෙන බව ද ඔහු අවධාරණය කර ඇත. තවද චීනය සමඟ පොදු ඉරණමක් සහිත චීන-කිර්ගිස්ථාන ප්‍රජාවක් ගොඩනැගීම ඉදිරියට ගෙන යාමට කිර්ගිස්ථානය කැමැත්තෙන් සිටින බවත් Sadyr Japarov මහතා පැවසීය.

මෙම සාකච්ඡාවෙන් අතතුරුව, දෙර‍ටේ නායකයින් “නව යුගයේ විස්තීරණ උපායමාර්ගික හවුල්කාරීත්වය ගැඹුරු කිරීම පිළිබඳ චීන-කිර්ගිස්ථාන ඒකාබද්ධ නිවේදනය” අත්සන් කළහ. එහිදී “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම පිළිබඳ සහයෝගිතා සැලැස්ම සහ රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික හා වෙළඳ, කෘෂිකාර්මික යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට දෙරටේ ජනාධිපතිවරු එක් වූහ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here