27 C
Colombo
Monday, August 25, 2025

නව ඓතිහාසික වාර්තා සමගින් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය සාර්ථකව අවසන් වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ Guangzhou නගරයේ පැවති 137 වැනි කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය නව ඓතිහාසික වාර්තා සමගින් ඊයේ(5) සාර්ථකව අවසන් විය.මෙවර ප්‍රදර්ශනයේදී විදෙස් ගැණුම්කරුවන්ගේ සංඛ්‍යාව හා ප්‍රදර්ශනයේදී එකඟතාවන්ට එළඹ ඇති අපේක්ෂිත අපනයන ප්‍රමාණය යන දර්ශක වාර්තාගත වැඩිවීමක් පෙන්නුම් කෙරිණ.

පසුගිය 4 වනදා වනවිට රටවල් හා කලාප 219කින් විදෙස් ගැණුම්කරුවන් ලක්ෂ 2.889ක පිරිසක් පැමිණි ඇත. එම සංඛ්‍යාව පසුගිය වසරේ සමාන කාලයේ පැවති කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයට සාපේක්ෂව සියයට 17.3ක වැඩි වීමකි. ප්‍රදර්ශනයේදී එකඟතාවන්ට එළඹ ඇති අපේක්ෂිත අපනයන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 25.44කි. එය පසුගිය ප්‍රදර්ශනය හා සැසඳීමේදී සියයට 3කින් වැඩි වී තිබේ.

එමෙන්ම කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු භාර ගත් චීන විදේශ වෙළඳ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව, නැඟී එන වෙළඳපොළවල් කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනයේ ප්‍රධාන පාරිභෝගික ප්‍රභවය ලෙස පවතී.

මෙවර ප්‍රදර්ශනයේදී “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල ගැණුම්කරුවන්ගේ සංඛ්‍යාව ලක්ෂ 1.875ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 17.4ක වැඩි වීමකි. බ්‍රික්ස් රටවල ගැණුම්කරුවන්ගේ සංඛ්‍යාව 72400ක් වූ අතර එය පසුගිය වසරේ සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 24.1කින් වැඩි වී තිබේ. ඊට අමතරව “කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුමේ(RCEP)” සාමාජික රටවලින් පැමිණි ගැණුම්කරුවන්ගේ සංඛ්‍යාව 64800කි. එය පසුගිය වසරේ සංඛ්‍යාව හා සැසඳීමේදී සියයට 6.9ක වැඩි වීමකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here