29.5 C
Colombo
Wednesday, February 25, 2026

දේශීය ඉල්ලුම පුළුල් කිරීමේ සැලසුම් අධ්‍යයනය කෙරෙමින් ඇතැයි චීනය කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

වසර 2026—2030 කාලයේ දේශීය ඉල්ලුම පුළුල් කිරීමේ උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් අධ්‍යයනය කෙරෙමින් පවතින බව චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ උප අධ්‍යක්ෂ Wang Changlin මහතා පවසයි. ඔහු එසේ පැවසුවේ රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලය අද(20) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

රටේ වත්මන් ආර්ථික ක්‍රියාකාරිත්වය, ශක්තිමත් සැපයුම සහ දුර්වල ඉල්ලුම පිළිබඳ අසමතුලිතතාවකට මුහුණ දෙන බවත් ඉල්ලුම් ව්‍යුහයේ උත්ශ්‍රේණිගත වීමේ ප්‍රවණතාවට අනුවර්තනය වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඔහු පෙන්වා දී තිබේ. මෙම වසරේ තම කමිටුව නව ආකාරයේ සැපයුම හරහා නව ඉල්ලුම් ඇති කරමින් ශක්තිමත් නවෝත්පාදන පියවර සහ සහතිකයන් ලබා දීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව රටේ 15 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ අධිනව තාක්‍ෂණික කර්මාන්ත සඳහා සංකේතාත්මක දැවැන්ත ප්‍රධාන ව්‍යාපෘති රැසක් ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කරමින් සිටින බව එම මාධ්‍ය හමුවේදී හෙළි විය.

2025හේ චීනයේ ඩිජිටල් ආර්ථිකයේ එකතු කළ අගය යුවාන් ට්‍රිලියන 49ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 35%ක් පමණ ගනී. අනාගතයේදී ඊටත් වඩා විශාල වෙළඳපල අවකාශයක් ඩිජිටල් ආර්ථිකයෙන් නිර්මාණය වනු ඇතැයි ද විශ්වාස කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here