ඔස්ට්රේලියාව සමග ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමට චීනය සූදනම් බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා පවසයි. දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ගෙන දීම අරමුණයි. ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් මහතා සමග දසවන චීන ඔස්ට්‍රේලියා වාර්ෂික නායක රැස්වීම ඊයේ (15) බෙයිජිංහිදී පැවැති අවස්ථාවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
අවිනිශ්චිත ගෝලීය ආර්ථිකය තුළ සියළු රටවල් සිය සංවර්ධනයේ දී නව අභියෝගයන්ට මුහුණ දෙන බවද හෙතෙම පැවසීය. එවැනි පසුබිමක ප්‍රධාන ආර්ථික හා වෙළඳ හවුල්කරුවන් ලෙසට චීනය හා ඔස්ට්‍රේලියාව හුවමාරු හා සහයෝගතා ශක්තිමත් කිරීමේ වැදගත්කමද චීන අගමැතිවරයා පෙන්වා දුන්නේය. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇලබනීස් මහතා අතර පැවති හමුවේදී දෙරට අතර සබඳතා තවදුරටත් පුළුල් කිරීම වෙනුවෙන් වැදගත් එකඟතාවන්ට එළඹීමද හෙතෙම එහිදී සඳහන් කළේය. ඔස්ට්‍රේලියාව සමග විවිධ සංවාද යාන්ත්‍රණ ක්‍රියාත්මක කරමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා ශක්තිමත් කිරීමේ පියවර ගැනීමට චීනය සූදානම් බවද චීන අගමැතිවරයා කීය. ඔස්ට්‍රේලියාව තුළ චීන ව්‍යවාසායකයන්ට ක්‍රියාත්මක වීම සදහා නිදහස්, විවෘත හා වෙනස්කම්වලින් තොර ව්‍යාපාරික පරිසරයක් ගොඩනැගීමට ඔස්ට්‍රේලියාව ක්‍රියා කරනු ඇතැයි ද හෙතෙම අපේක්ෂා පළ කළේය.
එහිදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියා අගමැති ඇල්බනීස් මහතා පැවසුවේ දෙරට අතර සබඳතා වර්තමානයේදී ධනාත්මක අවදියකට ප්‍රවේශ වී ඇති බවයි. ඔස්ට්‍රේලියා පාර්ශ්වය චීනය සමග ස්ථාවර හා පුළුල් ද්වීපාර්ශ්වික සබඳතා සඳහා ඉහළ වැදගත්කමක් ලබාදෙන බවද හෙතෙම කීය. ඔස්ට්‍රේලියාව එකම චීනය ප්‍රතිපත්තියේ එල්බ සිටින අතර තායිවාන ස්වාධීනත්වයට විරුද්ධ බවද ඔස්ට්‍රේලියා අගමැතිවරයා පැවසීය. චීනය සමග වෙළඳ, කෘෂිකර්ම, සංචාරක හා සංස්කෘතික අංශයේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුද්ගල හුවමාරු වර්ධනයට ද ඔස්‍ට්‍රේලියාව කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය. බහුපාර්ශ්වවාදය හා නිදහස් වෙළඳාමට ඔස්ට්‍රේලියාව දැඩිව සහයෝගය දක්වන බවද ඇල්බනීස් මහතා කීය.
මේ අතර ඊයේ (15) පැවති 8 වන චීන ඔස්ට්‍රේලියා ප්‍රධාන විධායක නිලධාරීන්ගේ වටමේස සාකච්ඡාවට ඔස්ට්‍රේලියා අගමැතිවරයා සමග එක්වූ චීන අගමැතිවරයා දෙරට සහයෝගතා ශක්තිමත් කරමින් වෙළඳාම හා ආයෝජන අංශයේ නිදහස්කරණය හා පහසුකම් සැලසීම ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. චීන ඔස්ට්‍රේලියා නිදහස් වෙළඳ ගිවිසුමේ දසවන සංවත්සරය පිළිබඳව සඳහන් කළ චීන අගමැති ලී ච්‍යන් මහතා ගෙවුනු දශකය පුරා දෙරටේ ආර්ථික හා වෙළඳ සබඳතා සැලකිය යුතු ගම්‍යතාවක් පිළිබිඹු කර ඇති බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ ඔස්ට්‍රේලියා අගමැතිවරයා පැවසුවේ චීනය සමග විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීමට ඔස්ට්‍රේලියාව කැමැත්තෙන් සිටින බවයි.