29.5 C
Colombo
Wednesday, February 25, 2026

දූෂණ විරෝධී අරගලය වඩාත් පැහැදිලිව හා ස්ථිරව ඉදිරියට මෙහෙයවිය යුතු බව චීන ජනපති පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ කොමිසමේ පස්වැනි පූර්ණ සැසිවාරය පැවැත්වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා ඊයේ(12) පෙරවරුවේ පැවති එම සැසිවාරය අමතමින් වැදගත් දේශනයක් සිදු කළේය.

එහිදී පක්ෂයේ සමස්ත නායකත්වය තහවුරු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ඔහු, ඉහළ ප්‍රමිතීන් සහ වඩාත් ප්‍රායෝගික පියවර සමඟ පක්ෂයේ දැඩි පාලනය ඉදිරියට ගෙන යා යුතු බව ද සඳහන් කළේය. මධ්‍යම කාරක සභාවේ වැදගත් තීරණ සහ සැලසුම් වඩාත් අධිෂ්ඨානශීලීව ක්‍රියාත්මක කිරීමේදී ආයතනික රෙගුලාසිය තුළ වඩාත් විද්‍යාත්මකව හා ඵලදායී ලෙස බලය සීමා කරමින් දූෂණ විරෝධී අරගලය වඩාත් පැහැදිලිව හා ස්ථිරව ඉදිරියට මෙහෙයවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය. රටේ 15වන පස් අවුරුදු සැලැස්මේ ඉලක්ක හා මෙහෙවර ඉටු කිරීම සඳහා මෙයින් ස්ථිර සහතිකයක් ලබා දිය හැකි බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

නව යුගයේ පක්ෂයේ දැඩි පාලනය පූර්ණ වශයෙන් ඉදිරියට ගෙන යාමේදී වැදගත් කාර්යයක් වන්නේ ආයතනික රෙගුලාසිය තුළ බලය සීමා කිරීම බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. දූෂණයට එරෙහි සටන, පරාජය නොවිය යුතු සටනකි. වර්තමානයේ දූෂණයට එරෙහි අරගලය සංකීර්ණ වන අතර, දූෂණය බෝවීමේ කොන්දේසිය‍ මුලිනුපුටා දැමීමේ කාර්යය දුෂ්කර මෙන්ම අභියෝගාත්මකය. දූෂිත නිලධාරීන්ට සැඟවීමට නොහැකි වන ලෙස අධික පීඩනයක් පවත්වා ගත යුතු බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

විනය පරීක්ෂණ සහ අධීක්ෂණ ආයතන පක්ෂයේ එකමුතුකම, දියුණු ස්වභාවය සහ පාරිශුද්ධත්වය තරයේ ආරක්ෂා කළ යුතු බවත්, අධීක්ෂණය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව අඛණ්ඩව වැඩිදියුණු කිරීමට උත්සාහ කළ යුතු බවත් ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here