26.4 C
Colombo
Thursday, August 21, 2025

දුම්රියෙන් ගමන් කළ චීන සංචාරකයන්ගේ වාර්ෂික වාර ගණන ඓතිහාසික වාර්තාවක

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මෙම වසරේ ජනවාරි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා චීනයේ දුම්රිය සේවා භාවිත කළ සංචාරකයන්ගේ  වාර ගණන කෝටි 400.8ක් වන අතර එම වාර්ෂික ගණන ප්‍රථම වරට බිලියන 4ක් ඉක්මවා‍ ගොස් ඇත. ඒ අනුව චීනයේ දුම්රිය මාර්ගවලින් සිදු කෙරෙන මගී ප්‍රවාහන ප්‍රමාණය ඇතුළු දර්ශක, ස්ථාවරව ලොව පළමු ස්ථානයේ පසුවෙයි.

ඡීචෞ නගරය හා හුවාන්ෂන් නගරය අතර, චොන්ග්චුවන් ගුවන් තොටුපල හා වූවෙයි නගරය අතර ඇතුළු අධිවේගී දුම්රිය මාර්ග විවෘත කිරීමත් සමගම චීනයේ නවීන දුම්රිය මාර්ග ජාලය වඩාත් දියුණු වී තිබේ. දුම්රිය මාර්ග දුර ප්‍රමාණය, කිලෝමීටර් එක්ලක්ෂ හැට දහසක් දක්වා වැඩි වූ අතර, කිලෝමීටර් හතලිස් හය දහසක් අධිවේගී දුමිරිය මාර්ග වීම විශේෂත්වයකි. මගී දුම්රිය සේවා මධ්‍යස්ථාන 3300ක් අතරින් අධිවේගී දුම්රිය සේවා මධ්‍යස්ථාන 1300කි.

දුම්රිය මාර්ගවලින් රටේ සියයට 99ක, දෙලක්ෂයකට වැඩි ජනගහණ සහිත නගර ආවරණය වන අතර අධිවේගී දුම්රිය මාර්ගවලින්, සියයට 97ක් පන්ලක්ෂයක ජනගහණය සහිත නගර ආවරණය කර ඇත. බොහෝ මධ්‍යම හා සුළු පරිමාණ නගර, අධිවේගී දුම්රිය යුගයට පිවිස තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here