27.3 C
Colombo
Tuesday, August 26, 2025

දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය එක් වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මාධ්‍ය සමූහයේ “දකුණු චීන මුහුදු පර්යේෂණ විශේෂඥ කමිටුව” පිහිටුවීමේ උත්සවය  (29) දා Hainan පළාතේ Sanya නගරයේදී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වීඩියෝ දේශනයක් පවත්වමින් මේ අවස්ථාවට එක් විය. අනතුරුව චීන මාධ්‍ය සමූහයේ “දකුණු චීන මුහුදු පර්යේෂණ විශේෂඥ කමිටුවේ” ඵලකය නිරාවරණය කෙරිණ.දකුණු චීන මුහුදේ ස්ථාවරත්වය පවත්වා ගනිමින් එම කලාපය සාමයේ,මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ සංකේතයක් බවට පත් කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෙන්වා දුන් බව Shen Haixiong මහතා මෙහිදී පැවසීය. චීන මාධ්‍ය සමූහය, දකුණු චීන මුහුදේ සාමය පතුරුවන්නෙකු, ප්‍රායෝගික සහයෝගීතාව පෙන්නුම් කරන්නෙකු සහ ජයග්‍රාහී සංවර්ධනයේ ප්‍රවර්ධකයෙකු වීමේ අවශ්‍යතාව අවධාරණය කරයි. එමෙන්ම දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ එහි තිරසාර සංවර්ධනය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමට ද චීන මාධ්‍ය සමූහය උපකාරී වනු ඇතැයි ඔහු පැවසීය.මෙම උත්සවයේදී, චීන මාධ්‍ය සමූහය “දකුණු චීන මුහුද පිළිබඳ අග්නිදිග ආසියාවේ අවබෝධ වාර්තාව” නිකුත් කළේය. දකුණු චීන මුහුදේ ගැටළුව රාජ්‍යතාන්ත්‍රික ක්‍රම, සංවාද සහ උපදේශන හරහා හසුරුවා ගැනීමට අග්නිදිග ආසියානු රටවල ජනතාව බෙහෙවින් එකඟ වන බවත්, දකුණු චීන මුහුදු කලාපය ආශ්‍රිතව පැන නගින ගැටළුකාරී තත්ත්වයන් හි දී ඔවුන් චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here