28 C
Colombo
Sunday, August 24, 2025

තීරුබදු යුද්ධ වලට අනාගතයක් නොමැති බව චීනය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

තීරුබදු යුද්ධ වලට අනාගතයක් නොමැති අතර එහි ජයග්‍රහණයන්ද නොමැති බව “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීමේ ඇමරිකාවේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන චීන වාණිජ අමාත්‍යංශය පවසයි.

චීන වාණිජ අමාත්‍යංශය අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවේදී  එහි ප්‍රකාශක He Yadong මහතා ඇමරිකාව “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීමට ගෙන ඇති තීරණය පිළිබඳ මෙම අදහස් පළ කළේය.

සියළු වෙළඳ හවුල්කරුවන් වෙත ඊනියා “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීම පිළිබඳ ප්‍රකාශය ඇමරිකාව විසින් සිදු කර තිබේ.චීනය මේ පිළිබඳව දැඩි කණස්සල්ල පළ කරන බව හෙතෙම සඳහන් කළේය. “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවූවහොත් එය වැඩිම ආකර්ෂණය සහිත සත්කාරක රට යන පදනම් මත ස්ථාපිත වූ බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට දැඩි  හානි එල්ල කරනු ඇත.එසේම එය ගෝලීය සැපයුම් දාමයට ද තර්ජනයක් ගෙන දෙමින් ජාත්‍යන්තර ආර්ථික වෙළඳ කටයුතු වලට විශාල අවිනිශ්චිතතා ගෙන එනු ඇති අතර විවිධ රටවල් ඊට පැහැදිලිව විරෝධය පළ කර ඇත.

තීරුබදු උපකරණයක් ලෙස භාවිත කරමින් වෙනත් රටවලට අයුතු ලෙස ප්‍රහාර එල්ල නොකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව He Yadong මහතා ප්‍රකාශ කළේය. ඇමරිකාව සිය වැරදි ක්‍රියා නිවැරදි කළ යුතු බවත් ඒ ඒ රටවල් සමග එක්ව සාධාරණ සාකච්ඡා මගින් ගැටළු විසඳා ගැනීමේ ක්‍රමය සොයා ගත යුතු බවත් චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here