30 C
Colombo
Saturday, April 11, 2026

තීන්දු තීරණ හා නීති රැසකට අනුමැතිය දෙමින් 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අවසන් වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය සාර්ථකව නිමාවට පත් වෙයි. සැසිවාරයේ සමාප්ති සම්මේලනය අද (12) සවස 03:00ට බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ එම අවස්ථාවට එක්වූහ.

පසුගිය 05 වනදා චීන අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කෙරුණු 2025 වසරේ රාජ්‍ය කාර්ය වාර්තාව සම්මත කිරීම එහිදී ඡන්ද විමසීමකින් සිදු කෙරිණ. එමෙන්ම, චීන ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වූ ’15 වන පස් අවුරුදු (2026-2030) සැලැස්ම’, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජෛව පරිසර නීතිය’, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජනවාර්ගික සමගිය හා ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ නීතිය’, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන සැලසුම් නීතිය’, 2025 වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙළ සහ, 2026 වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්ම ද, එහිදී ඡන්ද විමසීම්වලින් සම්මත කෙරිණ. 2026 වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්ම වෙත අනුමැතිය ලබා දීම ද මෙහිදී සිදු විය.

තවද, 2025 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ ප්‍රාදේශීය අයවැය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ මෙන්ම 2026 වසරේ එහි අයවැය පිළිබඳ තීරණ සම්මත කිරීම ද මෙහිදී සිදු කෙරිණ. එමෙන්ම 2026 වසරේ මධ්‍යම කාරක සභාවේ අයවැය වෙත ද අනුමැතිය ලබා දී තිබේ.

අනතුරුව, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව , මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය වාර්තාව සහ උත්තරීතර මහජන නීති නියාමනායතනයේ කාර්ය වාර්තාව ද එහිදී ඡන්ද විමසීමකින් සම්මත කර ඇත.

ඊට අමතරව, නීති චක්‍රලේඛන අධීක්ෂණය කරමින් සකස් කිරීම හා අදාළ නීති චක්‍රලේඛන මෙන්ම තීන්දු තීරණවලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ වාර්තාව ද එහිදී ඡන්ද විමසීමකින් සම්මත කෙරිණ.

එම සැසිවාරය එහි න්‍යාය පත්‍රයේ සඳහන් විවිධ කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් පසු නිමාවට පත් විය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here