“තායිවාන ස්වාධීනත්වය” සඳහා Lai Ching-te පරිපාලනයේ ප්‍රකෝපකාරී ක්‍රියා කිසිදා සාර්ථක නොවනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එහි ප්‍රකාශක Guo Jiakun මහතා (30) දා පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
නිව්යෝර්ක්හි “සංචාරයක නිරත වීමේ” ඔහුගේ සැලැස්ම ඇමරිකාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බැවින්, චීන තායිවාන ප්‍රදේශයේ පාලක Lai Ching-te ලතින් ඇමරිකාවේ ඊනියා තායිවානයේ “රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති රටක” සංචාරය කිරීම පිළිබඳ ඔහුගේ සැලැස්ම කල් දැමීය.
ඒ සම්බන්ධයෙන් Guo Jiakun මහතා අවධාරණය කළේ, එකම චීනය මූලධර්මය ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයක් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වීය එකඟතාවයක් බවයි. ජාත්‍යන්තර යුක්තිය, ජනතාවගේ කැමැත්ත සහ යුගයේ ප්‍රවණතාවය අනුව, එකම චීනය මූලධර්මය අනුගමනය කළ යුතුය. තායිවාන ස්වාධීනත්වය අපේක්ෂා කරන Lai Ching-te පරිපාලනයේ ප්‍රකෝපකාරී ක්‍රියා කිසිදා සාර්ථක නොවනු ඇතැයි එම ප්‍රකාශකයා කියා සිටියේය.