ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ඒකාබද්ධ සංවර්ධනය ඉදිරියට ගෙන යාමෙන් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සිටින ස්වදේශිකයින්ගේ පොදු අවශ්‍යතා ඉටු කෙරෙන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Peng Qing’en මහතා පවසයි.
2025 වසරේ සිදු කළ හරස් සමුද්‍ර සන්ධි ක්‍රියාකාරිත්වය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් හෙතෙම අද(21) මේ බව සඳහන් කළේය.
සමුද්‍ර සන්ධිය හරහා මුළු වෙළඳ පරිමාව ඇමරිකානු ඩොලර් බිලියන 314.3ක් විය. සංඛ්‍යාලේඛන වාර්තා බිඳ දමමින් චීන මහ ගොඩබිමේ සිට තායිවාන ප්‍රදේශයට සිදු කෙරෙන අපනයන සියයට 11.2කින් ඉහළ ගිය අතර තායිවාන ප්‍රදේශයෙන් සිදු කෙරෙන ආනයන සියයට 6කින් ඉහළ ගොස් තිබෙන බව ඔහු සඳහන් කළේය.

