26.4 C
Colombo
Monday, August 25, 2025

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපානය සුපරික්ෂාකාරීව හැසිරිය යුතුයි-චීනය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපානය සුපරික්ෂාකාරීව හැසිරිය යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය එසේ ප්‍රකාශ කළේ අද (19) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී, තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපානයේ ඍණාත්මක ක්‍රියා පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර බාහිර  මැදිහත්වීම් වලට ඉඩ නොදෙන බව ඇය පැවසුවාය. තායිවාන ප්‍රදේශයේ යටත් විජිත පාලනයක් ක්‍රියාත්මක කළ  ජපානය, මෙම ප්‍රශ්නයේදී  ඓතිහාසික අපරාධ වගකීම  භාර ගත යුතුය. එරට වඩාත් පරීක්ෂාකාරීව හැසිරිය යුතු යැයි ද ඇය අවධාරණය ක‍ළාය.

ජපානය, චීන-ජපාන උපායමාර්ගික සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සබඳතා පුළුල් ලෙස ඉදිරියට ගෙන යාම, නව යුගයේ අවශ්‍යතා සපුරාලන ඵලදායී සහ ස්ථාවර චීන-ජපාන සබඳතාවක් ගොඩනඟා ගැනීම යන සිය ප්‍රකාශය ඉටු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීම සඳහා බාධාවන් ඉවත් කිරීමට ජපානයට ප්‍රායෝගිකව ක්‍රියා කළ හැකි යැයි බලාපොරොත්තු වන බව ද මාඕ නිං මහත්මිය කියා සිටියාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here