26.4 C
Colombo
Thursday, August 21, 2025

තායිවාන ප්‍රශ්නය චීන-ඇමරිකා සම්බන්ධතා තුළ අභිබවා නොයා යුතු පළමු අවදානම් මට්ටම බව චීනය අවධාරණය කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

තායිවාන ප්‍රශ්නය චීන-ඇමරිකා සම්බන්ධතා තුළ අභිබවා නොයා යුතු පළමු අවදානම් මට්ටම බව චීනය අවධාරණය කරයි. චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කාර්යාලයේ අද (27) පැවැත්වූ නිත්‍ය මාධ්‍ය හමුවේදී එම ස්ථාවරය අවධාරණය කෙරිණ. 

ඉකුත් 16වැනි දා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පේරු රාජ්‍යයේ ලීමා අගනුවරදී ඇමරිකානු ජනාධිපති Joe Biden හමු විය. තායිවාන ප්‍රශ්නය යනු කිසිවෙකුට අභියෝග කළ නොහැකි පළමු අවදානම් මට්ටම බැවින් එම ප්‍රශ්නයට මනා සිහි බුද්ධියකින් යුතුව මුහුණ දිය යුතු බව එහිදී චීන ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. මේ සම්බන්ධයෙන්  චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කාර්යාලයේ ප්‍රකාශක චෙන් බින් හුවා මහතා  එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්විය. තායිවාන ප්‍රශ්නය චීනයේ කේන්ද්‍රීය යහපතට දැඩි ව බල පාන කරුණක් වන අතර එය චීන-ඇමරිකා සබඳතාවයේ මූලිකම දේශපාලන අඩිතාලම බව ඔහු එහිදී කියා සිටී. තායිවාන ප්‍රශ්නය චීන-ඇමරිකා සම්බන්ධතා තුළ අභිබවා නොයා යුතු පළමු අවදානම් මට්ටමයි. චීන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තායිවාන ප්‍රශ්නය පිළිබඳ  චීනයේ ස්ථාවරය පැහැදිලි කර තිබේ. එය තම කාර්යාලයේ කටයුතු සඳහා වැදගත් මඟපෙන්වීමක් බව ද  චෙන් බින් හුවා මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here