27.2 C
Colombo
Wednesday, February 25, 2026

තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් කිසිදු බාහිර බලවේගයකට මැදිහත්වීට ඉඩ නොදෙන බන චීන විදේශ අමාත්‍යාංශය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

තායිවාන ප්‍රදේශය පිළිබඳ ගැටළුව නිරාකරණය කිරීම චීනයේ අභ්‍යන්තර කටයුත්තක් වන අතර, බාහිර බලවේගයන්ට ඊට මැදිහත් වීමට කිසිසේත් ම අවසර නොදෙන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

ඇමරිකාව පසුගිය දා නිකුත් කළ ඇමරිකානු ජාතික ආරක්ෂක උපායමාර්ගික වාර්තාවේ සඳහන් චීනයේ තායිවාන ප්‍රදේශය හා සම්බන්ධ කරුණු පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද(08) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ඒ බව පැවසීය.

තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි. එම ගැටළු චීනයේ කේන්ද්‍රීය ගැටළුවල හරය බව ද ඔහු සඳහන් කළේය. චීන-ඇමරිකා සබඳතා තුළ ඉක්මවා යා නොහැකි සීමාව ද මෙයයි.  ජාතික ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාව සුරැකීමේ චීනයේ අධිෂ්ඨානය කිසිසේත් ම නොසැලෙන බව ද චින විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here