ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩය චීන කොමියුනිස්ට් පක්ෂය සහ චීන Kuomintang (KMT) පක්ෂය අතර සබඳතා වෙනුවෙන් මෙන්ම තයිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතා වර්ධනය සඳහා ද නිවැරදි දිශානතිය පෙන්වා දී ඇති බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Zhu Fenglian මහත්මිය ඊයේ (22) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී පැවසුවාය.
චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා චීන Kuomintang (KMT) පක්ෂයේ නව සභාපතිනිය ලෙස පසුගිය 19 වැනිදා තේරී පත් වූ Cheng Li-wun මහත්මිය වෙත සුබ පැතුම් පණිවිඩයක් යැවීය.
Cheng Li-wun මහත්මිය එදිනම ෂී ජින් පිං මහතාට පිළිතුරු දෙමින් සිය ස්තුතිය පළ කළාය.
ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ ගැබ්ව ඇති ජීව ගුණය තරයේ ක්‍රියාත්මක කරන බවත්, “1992 සම්මුතිය” අනුගමනය කිරීම සහ “තායිවාන බෙදුම්වාදයට” විරුද්ධ වීම යන පොදු දේශපාලන පදනම මත,චීන Kuomintang (KMT) පක්ෂය ඇතුළු තායිවානයේ විවිධ දේශපාලන පක්ෂ,කණ්ඩායම් සහ නියෝජිතයින් සමඟ සන්නිවේදනය සහ සම්බන්ධතා ශක්තිමත් කිරීමට චීන මහ ගොඩබිම් පාර්ශ්වය කටයුතු කරන බවත් Zhu Fenglian මහත්මිය පැවසුවාය. එමෙන්ම තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ජනතාවට හුවමාරු සහ සහයෝගීතා ගැඹුරු කරමින්,පොදු සංවර්ධනය ප්‍රවර්ධනය හරහා රට යළි එකමුතු වීම ඉදිරියට ගෙන යා හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඇය පැවසුවාය.

