චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhang Han මහත්මිය අද (1) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය. ” Sunshine Women’s Choir” නම් තායිවාන චිත්‍රපටය චීන තායිවාන ප්‍රදේශය යන යෙදුම භාවිත කිරීම ඊනියා තායිවාන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ විමර්ෂණයට ලක් වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මෙම ස්ථාවරය පැහැදිලි කළාය.
” Sunshine Women’s Choir” නම් තායිවාන චිත්‍රපටය චීන තායිවාන ප්‍රදේශය යන හැඳින්වීම භාවිත කිරීම එකම චීනය පිළිබඳ මූලධර්මයට අනුකූල වන බවත් එහි කිසිදු වරදක් නොමැති බවත් ඇය පැහැදිලි කර ඇත.
තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් වන අතර චීන තායිවාන ප්‍රදේශය යන හැඳින්වීම එකම චීනය මූලධර්මයට අනුකූල වන නිවැරදි ප්‍රකාශයකි. ඉන් සැබෑ සත්‍ය පිළිබිඹු වී ඇති අතර ඊට කිසිදු චෝදනාවක් එල්ල නොකළ යුතු බව ඇය සඳහන් කළාය. තායිවාන චිත්‍රපට මව් රටේ මහ ගොඩබිමේ වෙළඳපොලට පිවිස විශාල වෙළඳ අවස්ථා හිමිකර ගැනීම චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපස චිත්‍රපට කර්මාන්තයට පොදු ජයග්‍රහණ හිමිකර දෙන්නකි. එහෙත් චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලි පක්ෂය චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ නිසි හුවමාරුවලට බාධා කරමින් තායිවාන ව්‍යාපාරිකයන් සහ ජනතාවගේ අවශ්‍යතාවන්ට හානි කර ඇත.
චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ චිත්‍රපට සංස්කෘතික හුවමාරු හා සහයෝගිතාවලට අනුබල දෙමින් අදාළ නියුක්තිකයන්ගේ සාධාරණ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහතික කරන බව Zhang Han මහත්මිය ප්‍රකාශ කළාය. කවර හෝ දේශපාලන බලපෑම් වලින් චීනයේ තායිවාන සමුද්‍ර සන්ධි දෙපසේ හුවමාරු හා සහයෝගිතාවේ ප්‍රවර්ධනය බාධා කළ නොහැකි බවද චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhang Han මහත්මිය සඳහන් කළාය.

