තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ඊනියා “චීන තර්ජනය” නිදහසට කරුණක් ලෙස භාවිත කිරීම නවත්වන්නැයි චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා පවසයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 17 වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ පෙබරවාරි මස පළමු වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ඩෙන්මාර්කය,නෝර්වේ,ස්වීඩනය,ප්‍රංශය,ජර්මනිය,බ්‍රිතාන්‍යය, නෙදර්ලන්තය සහ ෆින්ලන්තය යන රටවලින් ඇමරිකාවට ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා 10% ක අතිරේක තීරු බද්දක් පනවන බවයි. ඊයේ (19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙකු මේ සම්බන්ධයෙන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Guo Jiakun මහතා ඒ බව පැවසීය.
ග්‍රීන්ලන්ත ප්රශ්නය සම්බන්ධයෙන් චීනය සිය ස්ථාවරය නැවත නැවතත් පැහැදිලි කර ඇති බව ඔහු එහිදී පැවසීය. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ අරමුණු සහ මූලධර්ම මත පදනම් වූ ජාත්‍යන්තර නීතිය වත්මන් ජාත්‍යන්තර පිළිවෙලෙහි පදනම වන අතර එය පිළිපැදිය යුතු බව Guo Jiakun මහතා අවධාරණය කළේය.

