ටියැන්ජිං විශ්ව විද්‍යාලය පිහිටුවීමේ 130 වන සංවත්සරයට චීන ජනාධිපතිවරයා සුබ පැතුම් පිරිනමයි.ජනාධිපති ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කළේ මෙම සංවත්සරය ප්‍රධාන ජාතික උපාය මාර්ගික අවශ්‍යතා වෙනුවෙන් විශ්ව විද්‍යාල පීඨයන් සහ සිසුන් අවධානය යොමු කළ යුතු නව ඇරඹුම් ලක්ෂ්‍යයක් බවයි. විද්‍යාත්මක ඉගැන්වීම් හී ගැඹුරු ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් විශ්ව විද්‍යාලය ක්‍රියා කරනු ඇතැයි ද චීන ජනාධිපතිවරයා අපේක්ෂා පළ කරයි. නිපුණතා සංවර්ධනයේ ගුණාත්මකභාවයන් ඉහළ නංවන ලෙසට ද හෙතෙම සිය සුබ පැතුම් පණිවිඩයෙන් ඉල්ලා සිටී. ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් මෙන්ම ශක්තිමත් අධ්‍යපන පද්ධතියක් වෙනුවෙන් වන උත්සාහයන්ට දායක විය යුතුය.විද්‍යාත්මක හා තාක්ෂණික ශක්තිය වර්ධනය කරමින් චීන නවීකරණය ඉදිරියට ගෙන යා යුතු බවද හෙතෙම සඳහන් කරයි.
1895 වසරේදී Peiyang විශ්ව විද්‍යාලය ලෙසට ආරම්භ කෙරුණු ටියැන්ජිං විශ්ව විද්‍යාලය චීනයේ ප්‍රථම නවීන විශ්ව විද්‍යාලයයි.විශ්ව විද්‍යාල පිඨය සහ සිසුහූ මෑතකදී චීන ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ස්වයං යැපීම් සහ විද්‍යා හා තාක්ෂණ අංශයේ සංවර්ධනය වෙනුවෙන් සිය කැපවීම සඳහන් කළහ.