චීනයේ ජෛව පරිසර නීති සංග්‍රහ කෙටුම්පතේ තුන් වන පිටපත් ඉදිරිපත් කෙරේ. අද(22) එම පිටපත් 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 19 වන සැසියට ඉදිරිපත් කෙරිණ. පසුගිය අප්‍රේල්, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාස වලදී එම කෙටුම්පත් සාකච්ඡාවට ලක් කෙරිණ.
මෙවර සකස් කරන ලද තුන් වන පිටපත් තුළින් ශාකභක්ෂක වන සතුන්, විශාල ශරීර සහිත වන සතුන්, ජෛව පරිසර අධීක්ෂණ ආයතන පාලනය, කෘෂි ජල පිරිමැසීම හා සම්බන්ධ චක්‍රලේඛ වැඩිදියුණු කිරීම විශේෂත්වයකි.
එමෙන් ම, ඇන්ටාක්ටිකාවේ ක්‍රියාකාරකම් හා එහි පරිසර සංරක්ෂණ නීති කෙටුම්පතක් ද අද එම සැසිය වෙත ප්‍රථම වරට ඉදිරිපත් කෙරිණ. එමගින්, ඇන්ටාක්ටිකා විද්‍යා හා පර්යේෂණ, සංචාර, ධීවර කටයුතු නිසියාකාරයෙන් නියාමනයට ලක් කිරීමට අපේක්ෂා කෙරේ.

