චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ(20) දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවරදී පැවති ජී20 විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී විය.
වත්මන් ජාත්‍යන්තර තත්ත්වය අස්ථාවර මෙන්ම කැළඹිලි සහගත බවත්, කලාපීය වශයෙන් ගැටුම් නිතර සිදු වන අතර ගෝලීය ආරක්ෂක ගැටළු උග්‍ර වෙමින් පවතින බවත් Wang Yi මහතා එහිදී පැවසීය. ලෝක සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ සුරක්ෂිත ලෝකයක් ගොඩනැගීමට ජී20 කණ්ඩායම වැදගත් කාර්යභාරයක් ඉටු කළ යුතු ය. මේ සඳහා Wang Yi මහතා චීනයේ යෝජනා ඉදිරිපත් කළේය. ලෝක සාමයේ ආරක්ෂකයින්, විශ්වීය ආරක්ෂාවේ නිර්මාපකයින් සහ බහුපාර්ශ්විකත්වයේ ආරක්ෂකයින් ලෙස G20 කණ්ඩායමේ රටවල් සාමුහිකව කටයුතු කළ යුතු බව හෙතෙම පැවසීය.
යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, මෑතකදී ඇමරිකාව සහ රුසියාව විසින් ඇති කරගත් සම්මුතිය ඇතුළුව සාමය සඳහා කැප වූ සියලු උත්සාහයන්ට චීනය සහාය දෙන බවත්, අදාළ සියලු පාර්ශ්වයන්ට එකිනෙකාගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් තිරසාර විසඳුමක් සොයා ගත හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් Wang Yi මහතා පෙන්වා දුන්නේය.
මැදපෙරදිග වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Wang Yi මහතා ප්‍රකාශ කළේ ගාසා හි සටන් විරාම ගිවිසුම අඛණ්ඩව සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි. “ද්වි-රාජ්‍ය විසඳුම” යනු එකම සාර්ථක විසඳුම බවත්, පලස්තීන ප්‍රශ්නය යළි කිසිවිටක බැහැර නොකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.