26.4 C
Colombo
Thursday, August 21, 2025

ජාතිකාරක්ෂාව සාමාන්‍යකරණය කරමින් අපනයන පාලනය අවභාවිත කිරීමට එරෙහිව චීනයේ දැඩි විරෝධය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජාතිකාරක්ෂාව සාමාන්‍යකරණය කරමින් අපනයන පාලනය අවභාවිත කිරීමට තරයේ විරුද්ධ  බව චීනය ප්‍රකාශ කරයි. ඇමරිකානු රජය මේ සතිය තුළ චීනයට එරෙහි නව අපනයන සීමා ප්‍රකාශයට පත් කරනු ඇතැයි ඇමරිකානු වාණිජ කොමිසම පසුගිය දා සිය සාමාජිකයන් වෙත විද්‍යුත් මාර්ගයෙන් දැනුම් දී තිබේ. විශේෂයෙන් චීනයේ චිප නිෂ්පාදන සමාගම් 200ක් එම වෙළඳ සීමා ලැයිස්තුවට ඇතුළත් කෙරෙන බව එම දැනුම් දීමේ සඳහන් වෙයි. මේ සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශක හ යා තුං මහතා ඊයේ (28) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය. 

ඇමරිකාවේ එම ක්‍රියාමාර්ගයෙන් ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පටිපාටියට මෙන්ම ගෝලීය නිෂ්පාදන හා සැපයුම් ජාලයේ ආරක්ෂාව හා ස්ථාවරත්වයට දැඩි ලෙස හානි සිදු වන බව ඒ මහතා කියා සිටී. එම ක්‍රියාව දෙරට ව්‍යවසායන්වල යහපතට සහ ගෝලීය අර්ධ සන්නායක කර්මාන්තයේ සංවර්ධනයට ද හානිකර ය. ජාතිකාරක්ෂාව සාමාන්‍යකරණය කරමින් අපනයන පාලනය අවභාවිත කිරීමට තරයේ විරුද්ධ  බවත්, ඇමරිකාව සිය ක්‍රියාමාර්ගය වෙනස් නොකළහොත් ඊට එරෙහිව අවශ්‍ය පියවර ගනු ඇති බවත්, චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here