25 C
Colombo
Sunday, October 5, 2025

ජාත්‍යන්තර වේදිකාවේ නොවෙනස් වන චීන ස්ථාවරය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ලෝක වෙළඳ සංවිධානයේ වත්මන් සහ අනාගත සාකච්ඡාවලදී නව විශේෂ අවශ්‍යතා හෝ වෙනස් කොට සැලකීමක් අපේක්ෂා නොකිරීමෙන් චීනය සංවර්ධනය වෙමින් පවතින විශාල රටක වගකිම් පිළිබිඹු කරයි.

චීන වාණිජ අමාත්‍යංශයේ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡාවේ නියෝජිත උප ඇමති Li Chenggang මහතා ඊයේ(24)මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. ලෝක වෙළඳ සංවිධානයේ වත්මන් හා අනාගත සාකච්ඡාවලදී  නව විශේෂ අවශ්‍යතා හෝ වෙනස් කොට සැලකීමක් අපේක්ෂා නොකරන බව චීනය ප්‍රකාශ කර ඇත. සැබෑ ක්‍රියාවන් මගින් බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට අනුබල දෙන චීනයේ ස්ථීර ස්ථාවරය හා විශාල රටක වගකිම් ඉන් පිළිබිඹු වන බවද හෙතෙම අවධාරණය කළේය. බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ස්ථිර ලෙස සහතික කිරීම මෙන්ම ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය පාලන මුලපිරුම සක්‍රිය ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා චීනය නිකුත් කළ වැදගත් පියවරක් ලෙසට මෙය සැලකිය හැකිය.එය ගෝලීය වෙළඳ හා ආයෝජන නිදහස් හා පහසුකරණය ප්‍රවර්ධනය සඳහා ප්‍රබල ශක්තියක් ලබා දෙනු ඇත.එමෙන්ම එය ගෝලීය ආර්ථික පාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ධානත්මක ශක්තිය ලබා දෙනු ඇතැයිද හෙතෙම පැවසීය.එහෙත් චීනය තවමත් ලෝකයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටයි.සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස චීනයේ ස්ථාවරය හා අනන්‍යතාවය වෙනස් නොවීම පිළිබඳව යළි පැහැදිලි කළ යුතු බවද හෙතෙම එහිදී පැවසීය.චීනය සැමවිටම ගෝලීය දකුණේ සාමාජිකයෙකු බවත් චීනය සැමවිටම සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග එක්ව සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here