ජගත් මානව හිමිකම් ක්ෂේත්රයේ සංවර්ධනය ප්‍රායෝගිකව ප්‍රවර්ධනය කරන ලෙස චීන නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී Li Xiaomei මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටී.
ඇය මේ බව පැවසුවේ, පසුගිය 16වැනිදා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 61 වන සැසිවාරයේ විවිධ රටවල මානව හිමිකම් ගැටළු පිළිබඳ පොදු විවාදයකට එක් වූ අවස්ථාවේදීය.
ඉකුත් මාර්තු 15 වන දින මානව හිමිකම් කවුන්සිලය පිහිටුවීමේ 20 වන සංවත්සරය සනිටුහන් කරයි. බහුපාර්ශ්වවාදය සහ ගෝලීය මානව හිමිකම් ව්‍යායාමය වත්මන් දැඩි අභියෝගවලට මුහුණ දී සිටින අතර ද්විත්ව ප්රමිතීන් සමඟින් මානව හිමිකම් දේශපාලනීකරණය සහ උපකරණීකරණය කිරීම කැපී පෙනෙන බව Li Xiaomei මහත්මිය පැවසුවාය. මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 13නේ යාන්ත්‍රණ සියල්ලම සංවර්ධනය වෙමින් පවතින රටවල් ඉලක්ක කරගත් ඒවා වන අතර, මෙම රටවල යාන්ත්‍රණ සඳහා ඩොලර් කෝටි ගණනක් වැය වේ. නමුත් සැබවින්ම අවධානය යොමු කළ යුතු මානව හිමිකම් ගැටළු සඳහා ප්‍රමාණවත් අවධානයක් ලැබී නොමැති බව ද ඇය අවධාරණය කළාය.
කවුන්සිලය පිහිටුවීමේ 20වැනි සංවත්සරය ප්‍රයෝජනයට ගනිමින්, ජගත් මානව හිමිකම් කටයුතු ප්‍රායෝගිකව ප්‍රවර්ධනය කිරීම සඳහා සමානාත්මතාවය හා අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ මූලධර්මයන්ට අනුකූලව සංවාද හා සහයෝගිතා පවත්වන ලෙස චීන නියෝජිතවරිය ඉල්ලා සිටියාය.

