26.4 C
Colombo
Sunday, October 5, 2025

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරිය චීන මාධ්‍ය සමූහය වෙත සුබ පැතුම් ලිපියක් ‍යොමු කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිනි  Kirsty Coventry මහත්මිය චීන මාධ්‍ය සමූහය වෙත සුබ පැතුම් ලිපියක් ‍යොමු කරයි. එළඹෙන සාම්ප්‍රදායික චීන සරත් සෘතු උත්සවය වෙනුවෙන් ඇය එම සුබ පැතුම් ලිපිය ඉකුත් 25වැනි දා චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං මහතා වෙත යොමු කර ඇත.

එළඹෙන සාම්ප්‍රදායික චීන සරත් සෘතු උත්සවය තමන් ශෙන් හයි ශියොං මහතාට ස්තුතිය පළ කිරීමේ අවස්ථාවක් කරගන්නා බව Kirsty Coventry මහත්මිය සිය ලිපියෙන් කියාසිටී. එම උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා ඔහුගේ පවුල මෙන් ම චීන මාධ්‍ය සමූහයේ කාර්ය මණ්ඩලය වෙත ඇය සුබ පැතුම් පිරිනමා තිබේ.

මෙතෙක් චීන මාධ්‍ය සමූහය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග පවත්නා අර්ථවත් හා සුහද හවුල්කාරීත්වය පිළිබඳ ආඩම්බර වන බව පවසමින්, ඇය ද්විපාර්ශ්වික සහයෝගිතාවෙන් ලද සරු ප්‍රතිඵල පිළිබඳවද සතුට පළ කරයි. නුදුරේදී පැවැත්වෙන 15වන චීන ජාතික ක්‍රීඩා උළෙලේදී ශෙන් හයි ශියොං මහතා යළි හමුවීමට බලාපොරොත්තු වන බව ද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here