නිල ආරාධනාවකට අනුව ජපාන විදේශ අමාත්‍ය Takeshi Iwaya මහතා, දෙසැම්බර් 25 වැනිදා චීනයේ සංචාරයක නිරත වනු ඇත.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා, එහිදී Takeshi Iwaya මහතා සමඟ අමාත්‍ය මට්ටමේ සාකච්ඡා පවත්වනු ඇති අතර, චීන-ජපාන මානව හා සංස්කෘතික හුවමාරු පිළිබඳ ඉහළ පෙළේ උපදේශන යාන්ත්‍රණයේ දෙවන සමුළුවට ද එක්ව සහභාගී වනු ඇත.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළාය.