චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sun Weidong මහතා ඊයේ(13) චීනයේ සිටින ජපන් තානාපති Kenji Kanasugi කැඳවමින් ජපාන අගමැතිනි Sanae Takaichi චීනය හා සම්බන්ධ ව සිදු කළ වැරදි ප්‍රකාශ කෙරෙහි දැඩි විරෝධය පළ කර ඇත.
චීනයේ තායිවාන ප්‍රදේශය පිළිබඳ Sanae Takaichi ගේ ප්‍රකාශ අතිශයින්ම වැරදි සහ භයානක ක්‍රියාවක් බව හෙතෙම පැවසීය. එය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට සිදු කරන දැඩි මැදිහත්වීමක් පමණක් නොව, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික පටිපාටිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. එමෙන්ම පශ්චාත් දෙවන ලෝක යුද්ධයේ ජාත්‍යන්තර පටිපාටිය විනාශ කර එකම චීනය මූලධර්මය මෙන්ම චීන-ජපන් දේශපාලන ලේඛන 4ක චින්තනය දැඩි ලෙස උල්ලංඝනය කරන Sanae Takaichi ගේ ප්‍රකාශය, චීන-ජපන් සබඳතාවේ දේශපාලන පදනම ද විනාශ කරනු ඇත. චීන ජනතාවගේ හැඟීම්වලට ද හානි සිදු කරන එම ප්‍රකාශය බිලියන 1.4ක ජනගහණයක චීන ජනතාව කිසිසේත් පිළිනොගන්නා බවද චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sun Weidong මහතා පවසා ඇත.
තායිවානය කිසිදා චීනයෙන් වෙන් කළ නොහැකි මව්භූමියේ කොටසක් බවත් තායිවාන කටයුතු චීනයේ අභ්‍යන්තර කටයුත්තක් බවත් හෙතෙම අවධාරණය කළේය. ඉතිහාසයේ සිදු කළ වැරදි ක්‍රියාවන් හා තමන්ට පැවරී ඇති වගකීම් පුළුල් ලෙස අවබෝධ කර ගනිමින් ජපානය සිය වැරදි ප්‍රකාශ වහාම නිවැරදි කර ගත යුතු බවත් වැරදි මාර්ගයේ තවදුරටත් ඉදිරියට නොයන ලෙසත් චීනය ජපානයෙන් ඉල්ලා සිටී. එසේ නොවුනහොත් ජපානයට සියළු දරුණු ප්‍රතිඵල භාර ගැනීමට සිදු වනු ඇති බව ද චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Sun Weidong මහතා ප්‍රකාශ කර ඇත.

