28 C
Colombo
Wednesday, February 25, 2026

ජපානයේ යුදමය ගොඩනැංවීමේ උත්සාහයන් ජගත් ප්‍රජාවේ දඬුවම්වලට යළි ලක්වීමක් වනු ඇතැයි චීනය කියයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජපානයේ යුදමය ගොඩනැංවීමේ උත්සාහයන් එරට ඓතිහාසික අපරාධ පිළිබඳ ජගත් ප්‍රජාවේ දඬුවම්වලට යළි ලක්වීමක් වනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය පවසයි. එහි ප්‍රකාශක Guo Jiakun මහතා අද(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසීය.

ජපානය සිය මිලිටරිකරණයන් යළි ඉස්මතු කිරීම පිළිබඳව ජගත් ප්‍රජාවේ පොදු අවධානයට ලක් වී ඇත. මිලිටරිවාදය යළි පණ ගැන්වීම, කලාපීය හා ලෝකයේ සාමය ‍සහ ස්ථාවරත්වයට තර්ජනයක් පමණක් එල්ල කරනු ඇති බවට එම මාධ්‍ය හමුවේදී පැනයක් ඉදිරිපත් විය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් Guo Jiakun මහතා එහිදී වැඩිදුරටත් පැවසුවේ මිලිටරිවාදය යළි ඉස්මතු කිරීමට ජපානය දරන කවර හෝ උත්සාහයන් කෙරෙහි අවධානයෙන් සිටින ලෙසත් ඒවා වළක්වා ගන්නා ලෙසත් චීනය සාමයට ආදරය කරන සමස්ත රටවලින් ඉල්ලා සිටින බවයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here