ජපන් ස්වයං ආරක්ෂක හමුදා සාමාජිකයෙක් ජපානයේ චීන තානාපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධියේ නවතම තත්ත්වය චීනය දැනුවත් කරයි.
චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා එම නවතම තත්ත්වය අද(25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී හඳුන්වා දුන්නේය.
අපරාධකරුවා එරට පොලීසියට භාර දී ඇති බව Lin Jian මහතා ප්‍රකාශ කළේය. ජපන් පොලීසියේ තොරතුරුවලට අනුව මෙම අපරාධකරුවා ජපාන ස්වයං ආරක්ෂක පාබල හමුදාවේ සාමාජිකයෙකු ලෙස සේවය කරන අතර, සෙන්ටිමීටර 18 ක් පමණ දිග පිහියක් රැගෙන තානාපති කාර්යාලයට කඩා වැදී තිබේ. චීනය බෙයිජිං හි සහ ටෝකියෝ හි ජපාන පාර්ශ්වය වෙත දැඩි විරෝධය හා දැඩි අප්‍රසාදය පළ කර ඇත. වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වා, අපරාධකරුට දැඩි දඬුවම් ලබා දෙන ලෙසත් චීනයට වගකියන පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත් චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිට ඇත.

