27.2 C
Colombo
Wednesday, February 25, 2026

ජපානයේ අසාධාරණ තර්ක තරයේ ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා‍ට චීන නියෝජිතයාගෙන් ලිපියක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජපානයේ අසාධාරණ තර්ක තරයේ ප්‍රතික්ෂේප කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස් මහතා වෙත චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා ලිපියක් යොමු කරයි. එක්සත් ජාතීන්ගේ ජපාන නිත්‍ය නියෝජිතයා ඉදිරිපත් කළ අසාධාරණ තර්ක තරයේ ප්‍රතික්ෂේප කරමින් චීන රජයේ ස්ථිර ආකල්පය එමගින් පැහැදිලි කර ඇත.

පසුගිය නොවැ. 24 දින ජපාන නිත්‍ය නියෝජිතයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෙත ලිපියක් යොමු කරමින් ගැටලුවේ මූලික කරුණු මඟහැර අත්තනෝමතික ලෙස චීනයට චෝදනා කරමින් අසාධාරණ තර්ක ඉදිරිපත් කර ඇති අතර චීනය එයට දැඩි ලෙස විරුද්ධ  වන බව Fu Cong මහතා එම ලිපියේදී පළමුව අවධාරණය කර තිබේ. එය එක්සත් ජාතීන්ගේ නිල ලිපියක් ලෙස සියලුම සාමාජික රටවල් වෙත  බෙදා හරිනු ඇත.

චීනය සහ  ජපානය අතර මෙවැනි තත්ත්වයක් උදා වීමට ප්‍රධාන හේතුව වූයේ නොවැ. 7 වන දින ජපාන අගමැතිනිය සිදු කළ ප්‍රකාශයයි. එහිදී ඇය කිසිදු වගකීම් සහගත හැසිරීමකින් තොරව චීන තායිවාන ප්‍රදේශය සිය පැවැත්මට තර්ජනයක් බවත් ජපානය හමුදාමය වශයෙන් තායිවාන ගැටලුවට මැදිහත් වනු ඇති බවත් සඳහන් ක‍ළාය. මෙවැනි බරපතල අත්තනෝමතික ප්‍රකාශ දෙවන ලෝක යුද්ධයේ දිනාගත් ප්‍රතිඵල සහ යුද්ධයෙන් පසුව ගොඩනැගුණු ජාත්‍යන්තර පිළිවෙළට ප්‍රතිවිරුද්ධ වන අතර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ ප්‍රතිපත්ති ද බරපතල ලෙස උල්ලංඝනය කරන බව Fu Cong මහතා සඳහන් කළේය.

එමෙන්ම ජපානය ඊනියා “ස්ථිර ආකල්පය” අනුගමන කරන බවට පැවසුව ද එය කුමක්ද යන්න චීනය විමසා ද සිටියද ජපානය එම ප්‍රශ්නය මඟහැර මෙතෙක් චීනයට සෘජු පිළිතුරක් ලබා දී නොමැත.

ජපාන නියෝජිතයාගේ ලිපියේ ජපානය නිෂ්ක්‍රීය ආරක්ෂක උපායමාර්ගයක් කොන්දේසි විරහිතව අනුගමනය කරන බවත් අගමැතිනියගේ ප්‍රකාශ මෙම ආකල්පය මත පදනම් වූ බවත් සඳහන් විය. තායිවානය යනු චීනයට අයත් භූමියක් බව පොදු පිළිගැනීමයි.  නමුත් අගමැතිනිය තායිවානය හදිසි අවස්ථාවක් ලෙස සඳහන් කරමින් චීනයට එරෙහිව බලය යෙදීමක් පිළිබඳ අදහස් කර ඇත. එබැවින් මෙය පැහැදිලිව ම නිෂ්ක්‍රීය ආරක්ෂක උපායමාර්ගයක් අනුගමනය කිරීමක් නොවන බව Fu Cong මහතා සඳහන් කළේය. එපමණක් නොව ජපාන නියෝජිතයාගේ ලිපියෙන් අනෙකුත් රටවල් සිදු කරන ආරක්ෂක සංවර්ධනය සම්බන්ධව ද වැරදි චෝදනා එල්ල කර ඇත. නමුත් ජපානය ප්‍රතිරෝධී ස්වභාවයෙන් බැහැර වී නැවත සන්නද්ධ වීමේ ක්‍රියාවලියක නිරත වී ඇති බවත්, දීර්ඝ කාලයක් තිස්සේ හමුදාමය හැකියාවන් පුළුල් කිරීමේ ක්‍රියාවලියක නිරත වී ඇති බවත් අවධාරණය වී ඇත.

කෙසේ වුව ද ජපානය සැබවින්ම චීන-ජපාන සබදතාව යහපත් දිශානතියකට ගෙන යාමට අපේක්ෂා කරන්නේ නම් එකම චීනය මූලධර්මය පිළිපැදිය යුතු අතර දෙර‍ට අතර පවතින සිව් ලේඛන සහ දේශපාලන වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු ය. එබැවින් සිය වැරදි ප්‍රකාශ වහාම ඉල්ලා අස් කර ගත යුතු බව Fu Cong මහතා සිය ලිපියෙන් යළි ප්‍රකාශ කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here