ජපන් ආක්‍රමණයට එරෙහි චීන ජනතා යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සර අනුස්මරණ ක්‍රියාකාරකම් වාර්තා කිරීම සඳහා දේශීය හා විදේශීය මාධ්‍යවේදීන් චීනය සාදරයෙන් පිළිගනී. එම ක්‍රියාකාරකම් චීනයේ බෙයිජිං අගනුවරදී පැවැත්වීමට නියමිතය.
ඒ අනුව වාර්තාකරුවන්ට අදාළ අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා, මාර්ගගත ලියාපදිංචි කිරීමේ පද්ධතියක් (http://kzjn80reg.zgjx.cn) විවෘත කරනු ඇත. ලියාපදිංචිය සඳහා අයදුම්පත් කාලය හෙට (15) සිට ජූලි 29 වනදා දක්වා වේ.
අනුස්මරණ ක්‍රියාකාරකම් අතරතුර බෙයිජිංහිදී ප්‍රවෘත්ති මධ්‍යස්ථානයක් පිහිටුවනු ලබන අතර, අන්තර්ජාල තාක්ෂණයෙන් මාධ්‍යවේදීන්ට අවශ්‍ය තොරතුරු සේවා සහාය ලබා දෙනු ඇත.