29.5 C
Colombo
Saturday, April 11, 2026

ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම ඇෆ්ගනිස්ථානයේ ප්‍රමුඛතාවය බව චීන නියෝජිතයා පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ(9) ඇෆ්ගනිස්ථානයේ තත්ත්වය අධීක්ෂණය කර සාකච්ඡාවට ලක් කරමින්, ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය අතර මෑත කාලීන ගැටුම්, කලාපීය තත්ත්වයේ බලපෑම් සහ ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කළේ ය.

එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා පෙන්වා දුන්නේ, ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම ඇෆ්ගනිස්ථානයේ ප්‍රමුඛතාවය බවයි. කණගාටුදායක ලෙස, ඇතැම් රටවල් ඇෆ්ගනිස්ථානයට ලබා දෙන ආධාර විශාල ලෙස අඩු කිරීම හෝ නැවැත්වීමෙන් පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර මානුෂීය ආධාර ව්‍යාපෘති ගණනාවක් නතර කිරීමට හේතු වී ඇතැයි, ඔහු පැවසීය.

පකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය අතර ගැටුම් මෑතකදී දැඩි වෙමින් දෙපාර්ශ්වයටම සැලකිය යුතු ජීවිත හානි සිදුවී තිබේ. චීනය මේ පිළිබඳව දැඩි කනස්සල්ලට හා කණගාටුවට පත්ව සිටින බව Fu Cong මහතා පැවසීය. දෙපාර්ශ්වයටම සන්සුන්ව හා සංයමයෙන් කටයුතු කරමින් හැකි ඉක්මනින් සටන් විරාමයකට එළඹෙන ලෙසත්, සංවාද හා සාකච්ඡා මාර්ගයෙන් වෙනස්කම් නිසි ලෙස විසඳා ගන්නා ලෙසත්, චීනය ආයාචනා කරන බවත් ඔහු එහිදී සඳහන් කළේ ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here