26.7 C
Colombo
Saturday, April 11, 2026

ජගත් කාන්තා දිනය වෙනුවෙන් සමස්ත චීන කාන්තා සම්මේලනයෙන් විශේෂ සැමරුම් ක්‍රියාකාරකමක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මාර්තු 8 ‍වැනිදා‍ට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සමස්ත චීන කාන්තා සම්මේලනය වි‍ශේෂ සැමරුම් රැස්වීමක් පවත්වයි. ඊයේ (2) බෙයිජිංහිදී පැවති එම රැස්වීමේ දී පුද්ගලයන් 607දෙනෙක්, කණ්ඩායම් 400ක් සහ සේවා ස්ථාන 600ක් සම්මානයෙන් පිදුම් ලැබිණ.

සමස්ත චීන කාන්තා සම්මේලනයේ සභාපතිනී සහ රාජ්‍ය මණ්ඩල සාමාජිකා ෂෙන් යීචින් මහත්මය එම රැස්වීම අමතමින් විවිධ ක්ෂේත්‍ර හා වාර්ගික කණ්ඩායම්වලට අයත් කාන්තාවන් වෙත සිය ශුභාශිංසන පළ කළාය.

15 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ රටේ ඉහළ ගුණාත්මක සංවර්ධනයක් වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන ලෙස ඇය චීනය පුරා සිටින කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කළාය.

‍ගෝලීය පාලනයට එක්වන ලෙසට කාන්තාවන් දිරිගැන්වූ ඇය කාන්තාවන් සම්බන්ධ චීන ඥානය  බෙදා ගනිමින් මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමනය වෙනුවෙන් ක්‍රියා කරන ලෙසට ද  ඉල්ලීමක් කළාය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here