29.5 C
Colombo
Wednesday, February 25, 2026

චීන Shenzhou-20 යානය ආපසු පැමිණීමේ මෙහෙයුම සාර්ථකයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන Shenzhou-20 යානය ආපසු පැමිණීමේ මෙහෙයුම සාර්ථක වේ. බෙයිජිං වේලාවෙන් අද(19) පෙරවරු 9.34ට චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ යාන කැප්සියුලය පෘථිවියට ආපසු පැමිණීම සනිටුහන් කරමින් උතුරු චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායත්තයේ පිහිටි Dongfeng ගොඩබෑමේ මධ්‍යස්ථානයට සාර්ථකව ළඟා විය. අදාළ පරීක්ෂා කිරීම්වලින් පසු එම කැප්සියුලය සමස්තයක් ලෙස සාමාන්‍ය තත්ත්වයක පවතින අතර එහි තිබූ භාණ්ඩ ද යහපත් තත්ත්වයක පවතින බවට තහවුරු කෙරිණ. ඒ අනුව Shenzhou-20  අභ්‍යවකාශ යානයේ ආපසු පැමිණීමේ මෙහෙයුම සාර්ථක වූ බව මිනිසුන් සහිත  චීන අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය නිවේදනය කරයි.

Shenzhou-20 අභ්‍යවකාශ යානය 2025 වසරේ අප්‍රේල් මස 24 වනදා චීනයේ Jiuquan චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දියත් කිරීමෙන් පසු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කේන්ද්‍රීය මොඩියුලය සමග සාර්ථකව සම්බන්ධ වී තිබේ. ඉන් පසු නොවැම්බර් මස මුල් කාලයේ අභ්‍යවකාශ සුන්බුන්වලින් ඇති වූ බවට සැක කෙරෙන යම් බලපෑම් සහගත තත්ත්වයක් හේතුවෙන් ආපසු පැමිණීමට නියමිතව තිබූ Shenzhou-20 අභ්‍යවකාශ යානයේ ආපසු පැමිණීමේ මෙහෙයුම කල් දමා ඇති අතර අදාළ අත්හදා බැලීමේ කටයුතු සිදු කෙරිණ. එබැවින් නොවැම්බර් මස 14 වනදා එම අභ්‍යවකාශ යානයේ රැඳී සිටින ගගනාගාමීන් කණ්ඩායම Shenzhou-21 අභ්‍යවකාශ යානය මගින් පෘථිවියට සුරක්ෂිතව ආපසු පැමිණ ඇත.

අද අලුයම Shenzhou-20 අභ්‍යවකාශ යානය චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් කර කිසිදු සාමාජිකයෙක් නොමැතිව  පෘථිවියට ආපහු පැමිණ තිබේ. නියමිත කක්ෂයේ දින 270ක කාලයක් ගත කළ එම අභ්‍යවකාශ යානය කක්ෂයේ රැඳී සිටීමේ හැකියාව මාස නවයක් බව තහවුරු කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here