26.4 C
Colombo
Thursday, August 21, 2025

චීන හා රුසියා විදේශ ඇමතිවරු බෙයිජිංහිදී හමුවෙති

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා හමු වෙයි. ඊයේ (13) බෙයිජිං නුවරදී මෙම හමුව සිදුවිය. ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගීවීම සඳහා පැමිණි ලැව්රොව් මහතා වන්ග් යී මහතා විසින් පිළිගනු ලැබිණ.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ටියැන්ජින් සමුළුව පැවැත්වීමේ සූදානම් කටයුතු වෙනුවෙන් සහ එම සංවිධානයේ සංවර්ධනය නව මට්ටමකට ප්‍රවර්ධනය වෙනුවෙන් රුසියාව සහ සෙසු සාමාජික රටවල් සමග ක්‍රියා කිරීමට චීනය සූදානම් බව වන්ග් යී මහතා එහිදී පැවසීය. ජපාන ආක්‍රමණයට එරෙහි චීන ජනතාවගේ යුධ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මෙම වසරට යෙදී ඇති බව පැවසූ චීන විදේශ ඇමතිවරයා ‍එම ජයග්‍රහණය හා දෙවන ලෝක යුද්ධයේ ඓතිහාසික නිවැරදි ආඛ්‍යානයේ සුරැකුම වෙනුවෙන් ‍දෙපාර්ශ්වය අනුස්මරණ මාලාවක් පැවැත්විය යුතු බවද කීය.එහිදී අදහස් දැක්වූ රුසියානු විදේශ අමාත්‍ය සර්ගි ලැව්රොව් මහතා දෙරටේ නායකයන්ගේ උපායමාර්ගික මාර්ගෝපදේශ යටතේ චීනය සමග විවිධ ක්ෂේත්‍රවල සහ‍යෝගිතා පුළුල් කිරීමට සහ රුසියා චීන සබඳතාවන්හී  නව ජයග්‍රහණ අඛණ්ඩව ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියා කිරීමේ අපේක්ෂාව පළ කළේය. ෂැංහයි ස‍හයෝගිතා සංවිධානයේ වාරික සභාපතිත්වය චීනය දැරීම සහ ටියැන්ජිං සමුළුවේ පූර්ණ සාර්ථකත්වය වෙනුවෙන් රුසියාව අඛණ්ඩව පූර්ණ සහාය පළ කරන බවද හෙතෙම කීය. කොරියා අර්ධද්වීපය, යුක්‍රේන ගැටළුව සහ ඉරාන න්‍යෂ්ටික ගැටළුව සම්බන්ධයෙන් ද විදේශ අමාත්‍යවරු දෙපළ අදහස් හුවමාරු කර ගත්හ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here