ඇමරිකාවේ අධ්‍යාපනය ලබන චීන සිසුන් සඳහා වීසා අවලංගු කරන බවට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්, එරට චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් දැඩි විරෝධය පළ කරයි.
ඇමරිකාවේ මෙම දේශපාලනික හා වෙනස් කොට සැලකීමේ ක්‍රියාවට චීනය දැඩි ලෙස විරුද්ධ බව ඊයේ (29) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ පිළිතුරු දෙමින් හෙතෙම කියා සිටියේ ය.
ඇමරිකාවේ මෙම පියවර එරට අධ්‍යාපනය ලබන චීන සිසුන්ගේ නිත්‍යානුකූල අයිතිවාසිකම්වලට බරපතල ලෙස හානි කරන අතරම, එරට ජාත්‍යන්තර ප්‍රතිරූපයට සහ ජාතික විශ්වසනීයත්වයට ද තවදුරටත් හානි කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.
මෙහි ඇති බැරෑරුම් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් සිය විරෝධය පළ කිරීමට ආරම්භයේදීම චීනය පියවර ගත් අතර කඩිනමින් තම වැරදි නිවැරදි කර චීන සිසුන්ගේ නිත්‍යානුකූල අයිතිවාසිකම් ඵලදායී ලෙස ආරක්ෂා කරන ලෙස චීන තානාපති කාර්යාලය, ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටියේය.