31.7 C
Colombo
Wednesday, February 25, 2026

චීන සිවිල් ගුවන්සේවා කර්මාන්ත අංශයේ කැපී‍ පෙනෙන වර්ධනයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන සිවිල් ගුවන්සේවා කර්මාන්තය පසුගිය වසරේ ස්ථාවර සංවර්ධනයක් අත්කර ගැනීමට සමත් වෙයි.සියලු ප්‍රධාන නිර්ණායකයන්ගෙන් එම වර්ධනය අත්කර ගැනීමට චීන සිවිල් ගුවන් සේවා කර්මාන්ත අංශයට හැකිව තිබේ.

චීන සිවිල් ගුවන් සේවා පරිපාලනයට අනුව සමස්ත ගුවන් ප්‍රවාහන පරිමාව ටොන් බිලියන 164.08කි. එහි සියයට 10.5 ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.මගී ප්‍රවාහනය මිලියන 770කට ළඟාවූ අතර එහි වර්ධනය සියයට 5.5කි. පාර්සල් හා තැපැල් පරිමාව ද ටොන් මිලියන 10.17කට ළඟාවී ඇත.එහි වර්ධනයද සියයට 13.3කි.

චීන සිවිල් ගුවන් සේවා පරිපාලන ප්‍රධානියා සඳහන් කළේ එම අංශය පසුගිය වසරේදී සමස්තයක් ලෙසට ස්ථාවර සංවර්ධන ප්‍රවණතාවක් අත්කර ගෙන ඇති බවයි.ප්‍රධාන ඉලක්ක හා කාර්යයන් සම්පූර්ණ කර ගැනීමට හැකිව තිබේ.

ජාත්‍යන්තර මගී ප්‍රවාහනයද සියයට 21.6කින් වර්ධනය වී තිබේ.චීන ගුවන් සේවා අංශය අත්කර ගත් ඒකාබද්ධ ලාභාය යුවාන් බිලියන 6.5කි.මෙම වසර තුළදීද එම අංශයේ වර්ධනයක් අපේක්ෂා කෙරෙන බවද චීන සිවිල් ගුවන් සේවා පරිපාලන ප්‍රධානියා  පැවසීය.

 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here