26.4 C
Colombo
Monday, August 25, 2025

චීන-ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා සහ ස්විට්සර්ලන්ත ෆෙඩරල් මන්ත්‍රී, විදේශ අමාත්‍ය Ignazio Cassis මහතා අතර හමුවක් පැවැත්විණ. ඒ ඊයේ(24) බෙයිජිං හිදී ය.

බහුපාර්ශ්විකත්වයේ සහ නිදහස් වෙළඳාමේ ස්ථිර ආධාරකරුවන් ලෙස, චීනය සහ ස්විට්සර්ලන්තය ගෝලීයකරණ විරෝධී අභියෝගවලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්විය යුතු බවත්, සියලු රටවල නීත්‍යානුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතා ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු බවත් Wang Yi මහතා එහිදී පැවසීය. එමෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙල සහ ජාත්‍යන්තර සබඳතා පාලනය කරන මූලික සම්මතයන් ඒකාබද්ධව පවත්වා ගෙන යා යුතු බව ද හෙතෙම පවසා ඇත.

චීනයේ ආයෝජනය කිරීමට පැමිණෙන ස්විට්සර්ලන්ත සමාගම් සාදරයෙන් පිළිගන්නා අතර, චීන සමාගම් සඳහා විවෘත, සාධාරණ සහ වෙනස්ව සැලකීමෙන් තොර ව්‍යාපාරික පරිසරයක් ස්විට්සර්ලන්තය ද අඛණ්ඩව සපයනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.

චීනය සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා කඩිනම් කිරීමටත්  ස්විට්සර්ලන්තය කැමැත්තෙන් සිටින බව Ignazio Cassis මහතා එහිදී පැවසීය. බහුපාර්ශ්විකත්වය සහ නිදහස් වෙළඳාම ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව එක්ව කටයුතු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here