චීන මාධ්‍ය සමූහයේ CGTN නාලිකාව සහ Wuhan නාගරික පක්ෂ කමිටුවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුව එක්ව 2025 වසරේදී Wuhan හි චීන සහ විදේශීය මාධ්‍ය අතර “චීනයේ ගමන්මඟ” යන මාධ්‍ය වැඩසටහන ඇරඹුම (07) දා දියත් කළහ.
චීනයේ වියට්නාම තානාපති, නේපාල තානාපති සහ චීනයේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු චීනයේ රටවල් පහක රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙන්ම වියට්නාමය, ඉන්දුනීසියාව, තායිලන්තය, ලාඕසය, තුර්කිය සහ අනෙකුත් රටවල ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තාකරුවන් 20 දෙනෙකු ද දියත් කිරීමේ උත්සවයට සහභාගී වූහ.
චීන මාධ්‍ය සමූහය, චීනය සහ අනෙකුත් රටවල් අතර සංස්කෘතික හුවමාරුව සහ ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනට සැමවිටම කැපවී සිටී. පසුගිය වසරේදී, චීනයේ පළාත්, ස්වායත්ත සහ නගර 11 කදී “චීනයේ ගමන්මඟ” වැඩසටහනය සඳහා ආසියානු සහ අප්‍රිකානු රටවල් 23 ක මාධ්‍ය වෘත්තිකයන්, අන්තර්ජාලයේ කීර්තිමත් පුද්ගලයින් සහ කලාකරුවන් 100 කට වැඩි පිරිසකට චීන මාධ්‍ය සමූහය ආරාධනා කළේය.
ඉදිරි සතියේදී, චීනයේ සහ විදේශීය වාර්තාකරුවන් පිරිස “චීන ගමන්මඟ-Wuhan හි අනන්‍ය ලක්ෂණ සොයා ගැනීම” යන වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය කරනු ඇති අතර, තාක්ෂණ නවෝත්පාදනය, ජෛව සංරක්ෂණය, සංස්කෘතිය සහ සංචාරය, ප්‍රවාහනය ඇතුළු එහි නාගරික සංවර්ධනයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කෙරේ. චීන මාදිලියේ නවීකරණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවේ නිසි අවබෝධය ගැඹුරු කිරීම එහි අරමුණයි.