චීනයේ සහයෝගය ඇතිව ඉදිකළ පාකිස්ථානයේ නව Gwadar ජාත්‍යන්තර ගුවන්තොටුපළ ක්‍රියාත්මක වීම ඊයේ (20) ආරම්භ විය.
ඒ පිළිබඳව පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා සුබපැතුම් පිරිනැමීය. ඔහු නිකුත් කළ නිවේදනයේ ඒ සම්බන්ධයෙන් රජය හා ජනතාව වෙනුවෙන් චීනයට ස්තුතිය පළ කර ඇත. එම නව ගුවන්තොටුපළ පාකිස්ථාන-චීන මිත්‍රත්වයේ සංකේතයක් බව ඔහු එම නිවේදනයෙන් පැවසීය. එය සිය රට තුළ මෙන්ම සමස්ත කලාපය තුළ සම්බන්ධතාවය ගොඩනැගීමට වැදගත් පියවරක් වන අතර, චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව තම රටට සහ කලාපයට සමෘද්ධිය ගෙන එනු ඇති බව Shehbaz Sharif මහතා පෙන්වා දෙයි.
චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ වැදගත් පරිච්ඡේදයක් වන නව Gwadar ජාත්‍යන්තර ගුවන්තොටුපළ ව්‍යාපෘතිය 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ විය. 2024 වසරේ එහි ඉදිකිරීම් අවසන් කර නිල වශයෙන් පාකිස්ථානයට භාර දෙන ලදි.